June 12, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

උෂාන් තිවංකගෙන් නව දකුණු ආසියානු වාර්තාවක්



පිරිමි උස පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාවක් යළිත් වරක් අලුත් කිරීමට ශ්‍රී ලංකා උස පැනීමේ ක්‍රීඩක උෂාන් තිවංක සමත්ව තිබේ.

මේ වන විට අමෙරිකාවේ වාසය කරන උෂාන්, අමෙරිකාවේ ටෙක්සාස් හි පැවැති මලල ක්‍රීඩා තරඟාවලිය දී මෙම නව වාර්තාව පිහිටුවා ඇත.

ඔහු එහිදී දැක්වු දක්ෂතාවය මීටර් 2.30ක් වන අතර, ඔහු මෙහිදී අභිබවා ගොස් තිබුණේ ඔහු විසින්ම මීට පෙර පිහිටුවා තිබූ මීටර් 2.28ක වාර්තාවයි.

මෙය දකුණු ආසියාවේ උස පැනීම ඉසව්වෙන් වාර්තා වු හොඳම දක්ෂතාවය ලෙසද වාර්තා පොත් වලට එක්විය.

මීගමුවේ මාරිස් ස්ටෙලා විද්‍යාලයේ සිසුවෙකු වූ උෂාන්, ටෙක්සාස් ප්‍රාන්තයේ A&M University-Commerce නම් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යත්වයක් සඳහා පසුගිය වසරේදී ඇමෙරිකාවට ගොස් තිබුණි.





Source link