June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ඊයේ Covid-19 රෝගීන් 2,568යි මරණ 23යි


වසංගත රෝග විද්‍යා අංශය විසින් ඊයේ (11) ප.ව. 11.00ට පළ කළ නවතම වාර්තාවට අනුව එදින තුළ රෝගීන් 2,568ක් හමුවී ඇති අතර, මේ දක්වා හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 131,098කි.

 

මේ වන විට රෝගීන් 23,607ක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත්, සුවය ලැබූ රෝගීන් ගණන 106,641ක් බවත් එහි වැඩිදුරටත් දැක්වේ.

මේ අතර, සෞඛ්‍ය බලධාරීන් විසින් ඊයේ දිනයේදී තවත් Covid-19 මරණ 23ක් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අනුව, මෙරටින් වාර්තා වූ Covid-19 මරණ සංඛ්‍යාව 850ක් දක්වා ඉහළ ගොස් තිබේ.

covid4 dcovid5 dcovid6 d





Source link