June 20, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ඊයේ දිනයේ නිරෝධාන නීති කඩ කළ පුද්ගලයින් 436ක් අත්අඩංගුවට | Sri Lanka Breaking News


නිරෝධායන රෙගුලාසි යටතේ බස්නාහිර පළාත තුළ ජංගම වෙළෙඳුන් 187 දෙනෙකු ඊයේ (06) දිනයේ පරීක්ෂාවට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.

විවිධ ආයතන 852ක් ද පරීක්ෂාවට ලක් කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

දිවා සුරැකුම් මධ්‍යස්ථාන, උපකාරක පන්ති, ගෘහස්ථ ක්‍රීඩා ස්ථාන, ආපනශාලා එලෙස පරීක්ෂා කර තිබුණා.

එම පරීක්ෂාවලින් නිරෝධායන උපදෙස් කඩකළ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

තවත් පුද්ගලයින් 14 දෙනෙකු සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇත.

අදාළ මෙහෙයුම් අද දිනයේත් ක්‍රියාත්මක කෙරේ.

මේ අතර නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව ඊයේ දිනයේදී පුද්ගලයින් 436 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේනවා.

මෙම පිරිසෙන් 101ක්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටකොටුව සහ වේල්ලවීදිය ප්‍රදේශයේ සිදුකරන ලද මෙහෙයුමකදීය.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස සිට මේ දක්වා එක් දිනකදී වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදීය.



Source link