June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ඊයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ | Sri Lanka Breaking News


ඊයේ (මැයි 6) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,895 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඉන් 44 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයන් වේ.

මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩි ම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 326කි.

තව ද කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 309 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 273 දෙනෙකු හඳුනාගෙන ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහ නගර සභා සීමාවෙන් ආසාදිතයන් 102 දෙනෙකු හඳුනාගෙන ඇති අතර බොරැල්ලෙන් 34 දෙනෙකු, නාරාහේන්පිට 17 දෙනෙකු, මරදානෙන් 15 දෙදෙනෙකු, කොල්ලුපිටියෙන් 8 දෙනෙකු, බ්ලූමෙන්ඩල් 6 දෙනෙකු, කොළඹ කොටුවෙන් 5 දෙනෙකු බැගින් වශයෙන් එම ආසාදිතයන් වාර්තා වී තිබේ.

මීට අමතරව පිළියන්දල 51 දෙනෙකු, වැල්ලම්පිටිය 28 දෙනෙකු, මහරගම 14 දෙනෙකු, මොරටුව සහ දෙහිවල 12 දෙනෙකු, තලංගම 11 දෙනෙකු, ගල්කිස්ස 9 දෙනෙකු, කොට්ටාව 8 දෙනෙකු, හංවැල්ල, කොස්ගම, මිරිහාන, මුල්ලේරියාව, වැලිකඩ යන ප්‍රදේශවලින් 7 දෙනෙකු බැගින් වශයෙන් ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර අනෙකුත් ආසාදිතයන් සෙසු ප්‍රදේශවලින් හඳුනාගෙන ඇත.

ඊයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 273 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් වැඩි ම පිරිසක් වාර්තා වී ඇත්තේ වත්තල ප්‍රදේශයෙනි. එම සංඛ්‍යාව 37කි.

ඊට අමතරව රාගම 23 දෙනෙකු, මීරිගම, කැළණිය, කඩවත 16 දෙනෙකු, කොටදෙණියාව 14 දෙනෙකු, ගම්පහ සහ සපුගස්කන්දෙන් 13 දෙනෙකු, පමුණුගම 12 දෙනෙකු, කටුනායක 11 දෙනෙකු, පූගොඩ 10 දෙනෙකු වශයෙන් ආසාදිතයන් වාර්තා වී ඇති අතර අනෙක් ආසාදිතයන් ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලින් හඳුනාගෙන තිබේ.

දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවල ආසාදිතයන් වාර්තා වූ ආකාරය ප්‍රදේශ සමග පහත සටහනෙහි දැක්වේ.



Source link