June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ඊද් දින මුස්ලිම් පල්ලි වැසෙයි


රාමසාන් උපවාස ශිලය අවසන් කිරිමේ ඊද් උත්සවය යෙදෙන දින සියලුම මුස්ලිම් දේවස්ථානවල සාමුහික ඊද් යාඥා නොපවත්වන ලෙස මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් මුස්ලිම් පල්ලි භාරකාර මණ්ඩල ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.

 

මෙරට පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් හා ආගමික සිද්ධස්ථාන වල එක්රැස්වීම සම්බන්ධයෙන්  සෞඛ්‍ය බලධාරීන් විසින් පනවා ඇති සීමා සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ වකුෆ් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව එම නිවේදනයේ දැක්වේ.

 

ඒ අනුව ඊද් දිනයේදී සියලුම මුස්ලිම් දේවස්ථාන වසා තැබෙනු ඇති බව සඳහන් කරන මෙම නිවේදනය,   ගමන්බිමන් සීමා කරමින්  සිය පවුලේ සාමාජිකයන් සමග ආගමික වතාවත් වල යෙදෙන ලෙස මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා තිබේ.

Iid

 





Source link