June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ඉන්දීය ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම්



ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් කර තිබෙනවා. එසේ පැමිණෙන ගුවන් මගීන්ට මෙරටට ඇතුළුවීමට අවසර ලබා නොදෙන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ.

මේ වනවිට ඉන්දියාවේ පවතින කොවිඩ් අධි අවදානම් තත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹ තිබෙනවා.

ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් දැනටමත් ඉන්දියාව සමග සියලු ගුවන් ගමන් සබඳතා අත්හිටුවා තිබෙනවා. මේ නිසා ඉන්දියානු ප්‍රීමියර් ලීගය අත්හිටුවීම හේතුවෙන් ඊට සහභාගි වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ඇතුළු පිරිසකට නැවත සිය රට බලා යාමට නොහැකි වී තිබෙනවා.

UN




Source link