June 13, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් ආ පිරිසක් අත්අඩංගුවට



ඉන්දියාවේ සිට නීතිවිරෝධීය බෝට්ටුවකින් මෙරටට පැමිණ සිටි කාන්තාවක ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල කාන්තාව හා ඇයගේ දරු දෙදනා පසුගිය අප්‍රේල් 30 වැනිදා චෙන්නායි කුප්පම්හි සිට මෙරටට පැමිණ තිබේ.

ඔවුන් තිදෙනා පුත්තලම වෙප්පමඩු ප්‍රදේශයේ නිවසක සැඟවී සීටියදී පුත්තලම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වනවිට ඔවුන් තිදෙනා නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාවේ කොවිඩ් අවදානම ඉහළ යාමත් සමග නීතිවිරෝධී ලෙස ‍‍ධීවර බෝට්ටු ආධාරයෙන් ඉන්දියානුවන් මෙරටට පැමිණීමේ අවදානමක් මතුව ඇති බවට බොහෝ පාර්ශ්ව පසුගිය දිනවල ප්‍රකාශ කළේය.

මේ වනවිට වයඹ දිග සහ උතුරුදිග මුහුදේ ආරක්ෂාව තර කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ. ඒ අනුව පැය 24 පුරා මුර සංචාර ක්‍රියාත්මක වන අතර වෙරළබඩ ප්‍රදේශවල මුර සංචාර මෙන්ම ගැඹුරු මුහුදේ නාවික හමුදා යාත්‍රා ස්ථාපිත කර තිබෙනවා.

නීතිවිරෝධී සංක්‍රමණිකයන් පැමිණීම සම්බන්ධයෙන් යම් සැකයක් මතුවන සිදුවීමක් සිදු වුවහොත් වහාම බළධාරීන් වෙත දැනුම් දෙන ලෙස අදාල මුහුදු තීරයේ ජනතාව දැනුවත් කර ඇති බවද නාවික හමුදාව පවසනවා.

UN




Source link