June 20, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය එන්නත්කරණයට


කොවිඩ්-19 (ඉටුකම) සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ මේවනවිට පවතින රුපියල්1,360,922,969.24ක ශේෂය එන්නත්කරණය සඳහා යෙදවීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.

අරමුදලට බැර වූ මුළු මුදල රු. 1,752,402,793.24කි. මේ වනවිට වැය කර ඇති මුදල රුපියල් 391,479,824.00 ක් වේ. එය සමස්ථ එකතු වූ මුදලින් 23% ක්.

ඉතිරිව ඇති ශේෂය එන්නත්කරණ සඳහා රජය වැය කිරීමට අපේක්ෂිත මුදලට සාපේක්ෂව ඉතා‍ කුඩා ප්‍රමාණයකි. එහෙත් අරමුදලේ ශේෂය එන්නත්කරණය සඳහා යෙදවීමේ වැදගත්කම අරමුදලේ කළමනාකරණ මණ්ඩලය විසින් පෙන්වා දී තිබේ.

අරමුදල මුදල් වැය කළ ආකාරය පහත පරිදි වේ.

වසංගතය වෙනුවෙන් දරා ඇති වියදම්

    PCR පරීක්ෂණ ආශ්‍රිත වියදම්            –    42,605,812.00

    දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා            –    67,543,967.00

    නිරෝධායන කටයුතු සඳහා වූ ආශ්‍රිත වියදම්    –    38,031,065.00

    පරිපාලන වියදම්                                        3,000.00    

ගෙවීමට ඇති බැරකම්

    එන්නත්කරණය ආශ්‍රිත වියදම්            –    41,545,980.00

    ගිලන් රථ 10ක් මිලදී ගැනීම සඳහා             –       194,000,000.00

    ICU ඇඳන් මිලදී ගැනීම සඳහා                        7,750,000.00

          ගෙවා ඇති සහ ගෙවීමට ඇති මුලු වියදම         -391,479,824.00

මෙම සියලු වියදම් දරා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා යුධ හමුදා මූලස්ථානය මඟිනි.

ජනතාව, දේශීය ආයතන කිහිපයක් හා විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඉටුකම කොවිඩ් අරමුදලට මුදල් පරිත්‍යාග කර තිබේ. ජාත්‍යන්තර මුල්‍ය ආයතන හෝ සංවිධාන කොවිඩ්-19 අරමුදලට දායක වී නොමැති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත්තේ.

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here





Source link