June 20, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ඉටුකම ගිනුමේ ඉතිරි බිලියන එකයි මිලියන 360 එන්නත් කරණයට


කොවිඩ් -19 (ඉටුකම) සෞඛ්‍ය හා සමාජ රක්ෂණ අරමුදලේ ඉතිරිවී ඇති ශේෂය වන 1,360,922,969.24 ක මුදල එන්නත් කරණය සඳහා යෙදවීමට තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුතරමින් කියා සිටී.

එම ගිනුම සඳහා බැර වූ සමස්ත ශේෂය වන 1,752,402,793.24 ක මුදලින් 392,479,824.00ක් එනම් සමස්ථ එකතුවෙන් 23%ක් වියදම් කර ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

කෙසේවුවද, නිවේදනයේ දැක්වෙන පරිදි වියදම් කර ඇති මුදලින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ගිලන් රථ 10ක් ගැනීම සඳහාය.

එහි දෙවැනියට වැඩියෙන්ම වැයකර ඇති වැඩිම මුදල දැනුවත් කිරීමේ වැඩසටහන් වෙනුවෙන් වැය කර තිබීම ද විශේෂිතය. ඒ සඳහා රුපියල් 194,000,000.00 කි.(මිලියන 194කි.)

ඒ සඳහා රුපියල් 67,543,967.00 කි. (මිලියන 67කට වැඩි මුදලක්)

 

ජනාධිපති කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

Press covid

 





Source link