June 14, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ඇඟලුම් කර්මාන්ත ශාලාවක නිලධාරින් සහ සේවකයින් 69 දෙනෙකුට කොවිඩ් | Sri Lanka Breaking News


පුඩළුඔය ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක නිලධාරින් සහ සේවකයින් 69 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් එම ඇඟලුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමා තිබේනවා.

එම ආයතනයේ අසාදිතයන්ගේ ආශ්‍රිතයින් ස්වයං-නිරෝධානයට යොමුකිරීමට පියවරගත් බව කොත්මලේ සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක බන්දුල වික්‍රමසිංහ මහතා පැවසුවා.

එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් 850 දෙනෙකු පමණ සේවය කරන බවත්, ඉන් 799 දෙනෙකු ඊයේ (10) රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක්කර තිබේනවා.

ආසාදිතයන් අතර රියදුරෙකු ද සිටින බවත්, ආසාදිතයන් කිහිපදෙනෙකු දිස්ත්‍රික්කයෙන් පිට ප්‍රදේශවල අය බවත්, අසාදිතයන් වැඩි පිරිසක් තම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔහු කීය.



Source link