June 14, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ආවෙ පොහොර නිකං දෙනවා කියාගෙන, දැං පොහොර තහනම් කරනවා ! මොනවද මේ විහිලු !



පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව පොරොන්දු වූයේ රසායනික පොහොර මුළුමනින්ම නොමිලේ ලබාදෙන බව ප්‍රකාශ ක‍ළ බවත්, එසේ පොරොන්දු වී බලයට පැමිණි ජනාධිපතිවරයා රසායනික පොහොර සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසනවා. එදා පොහොර නොමිලේ ලබාදෙන බව ප්‍රකාශ කළේ ඡන්දය ලබා ගැනීමේ අරමුණින් ජනතාව රැවටීමට බව ජනාධිපතිවරයාගේ මෙම තීන්දුව හරහා පැහැදිලි වන බවයි ජවිපෙ නායකයා පවසන්නේ.

පොහොර නොමිලේ ලබාදෙන බව ප්‍රකාශ කිරීම ඡන්ද ලබා ගැනීමේ අරමුණින් සිදුකළ ප්‍රකාශයක් බවත්, ඒ හරහා ඡන්දදායකයන් රැවටීමට ලක්කළ බවත් ජනාධිපතිවරයා විසින් පිළගත යුතු බවද අනුර දිසානායක මහතා පවසනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය කාලයේදී ආණ්ඩු ගත් තීරණ සහ ඔහු විසින්ම ගත් තීරණ රැසක් ආපසු හැරවූ බව පෙන්වා දෙන ජවිපෙ නායකයා පවසන්නේ ඒ නිසාම ඔහුට ගැසට් රිවස් කරන පුද්ලයෙකු ලෙස නම් පටබැඳී ඇති බවයි. කෙසේ නමුත් මෙම තීරණය හෝ රිවස් නොවනු ඇතැයි බලාපොරොත්තු වන බවද දිසානායක මහතා පවසනවා.

කිසිදු අධ්‍යයනයකින් තොරව, බරපතල සාකච්ඡාවකින් තොරව එකවරම මෙවැනි අතිශය බරපතල තීන්දු ගැනීම හරහා, ගෝඨාභය රාජපක්ෂ මහතා යනු නාසයේ දුරින් එහා නොපෙනෙන, දුරදිග‍ බලා කටයුතු කළ නොහැකි, නිසි දැක්මක් නොමැති නායකයෙක් බව නැවතත් තහවුරු වන බවත් අනුර දිසානායක මහතා අවධාරණය කරනවා.

UN




Source link