June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

අවුරුදු 12 ට වැඩි සියල්ලන්ටම ෆයිසර් එන්නත නිර්දේශ කළ පළමු රට කැනඩාව !



වයස අවුරුදු 12 සිට ඉහළට සියලු කැනේඩියානුවන්ට ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීමට එරට සෞඛ්‍ය බළධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව අවුරුදු 12-15 වයස් කාණ්ඩය සඳහා ෆයිසර් එන්නත නිර්දේශ කළ පළමු රට බවට කැනඩාව පත් වේ.

එරට ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ට උපදේශක සුප්‍රියා ශර්මා පවසන්නේ ෆයිසර් එන්නත යොවුන් වියේ පසුවන්නන්ට ඵලදායීම හා ආරක්ෂිතම එන්නත බවයි.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතා කළ පුද්ගලයන්ට රුධිරය කැටිගැසීමේ තත්වයක් වාර්තා වන අතර මේ නිසා කැනඩාවේ තෙවැනි මරණයද සිදුව තිබෙනවා. තෙවැනි මරණය නිව් බ්‍රන්ස්වික් ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති අතර මීට පෙර ඇල්බර්ටා ප්‍රාන්තයෙන් සහ ක්විබෙක් ප්‍රාන්තයෙන්ද මරණ දෙකක් වාර්තා වී තිබිණි.

මෙම තත්වය හමුවේ ෆයිසර් එන්නත පිළිබඳව එරට සෞඛ්‍ය බළධාරීන් මෙන්ම මහජනතාවද දැඩි විශ්වාසය තබා තිබෙනවා.

ඇමරිකානු එක්සත් ජනපද බළධාරීන්ද ඉතා ඉක්මනින් වයස අවුරුදු 12 ට වැඩි දරුවන්ට ෆයිසර් එන්නත නිර්දේශ කරනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

UN




Source link