June 12, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පනවනවා



වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා අවශ්‍ය වුවහොත් දිස්ත්‍රික්ක හෝ පළාත් අතර සංචරණ සීමා පැනවීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කරයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙ‌සේද පැවසීය.

“සංචරණ සීමා දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට, පළාතෙන් පළාතට අවශ්‍ය පරිදි පනවා ක්‍රියාත්මක කිරීමට රජය සුදානම්. කිසිම ක්‍රියාමාර්ගයක් සහමුලින් ම අපි ප්‍රතික්ෂේප කරලා නෑ. කොවිඩ් -19 තත්ත්වය දිනෙන් දින වෙනස්වන තත්ත්වයක්. එම නිසා ඒ වසංගතය පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලුම පියවර ගැන සිතා බලා ඒ ක්‍රියාමාර්ගවලට එළඹීමට රජය සුදානම්.”





Source link