June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

අලුත් දඟයාගෙන් සුපිරි පන්දු යැවීමක් – ලංකාවට 209ක ජයක් 


අලුත් දඟයාගෙන් සුපිරි පන්දු යැවීමක් - ලංකාවට 209ක ජයක් 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි සහ අවසාන ටෙස්ට් තරඟයෙන් ලකුණු 209ක ජයක් ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු ලකුණු 437ක ඉලක්කයක් හඹාගිය සංචාරක බංග්ලාදේශය කණ්ඩායම ලකුණු 227කට සිය දෙවැනි ඉනිම සඳහා දැවී ගියේය.

ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 86ට කඩුලු 5 දවා ගැනීමට සමත් විය. ඒ අනුව ඔහු සිය මංගල ටෙස්ට් තරඟයේදී කඩුලු 11ක් දවා ගැනීමට සමත් විය.

රමේෂ් මෙන්ඩිස් ලකුණු 103ට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.මෙම ජයග්‍රහණයත් සමග තරඟ 2න් සමන්විත ටෙස්ට් තරඟාවලිය 1-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ට හැකියාව ලැබුණි.



Source link