June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

අලුත් දඟයාගෙන් සුපිරි පන්දු යැවීමක් – කළකට පසු ටෙස්ට් ජයක්!


අලුත් දඟයාගෙන් සුපිරි පන්දු යැවීමක් - කළකට පසු ටෙස්ට් ජයක්!

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි සහ අවසාන ටෙස්ට් තරඟයෙන් ලකුණු 209ක ජයක් ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු ලකුණු 437ක ඉලක්කයක් හඹාගිය සංචාරක බංග්ලාදේශය කණ්ඩායම ලකුණු 227කට සිය දෙවැනි ඉනිම සඳහා දැවී ගියේය.

මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ 22 හැවිරිදි දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම මෙම තරගයේදී ඉනිම දෙකේදී කඩුලු 11 ක් දවා ගත්තේ ය.

එය මෙරට පන්දු යවන්නෙකු තම මංගල ටෙස්ට් තරගයේදී වාර්තා කළ හොඳම පන්දු යැවීමයි. තරගයේ වීරයා සම්මානය ද ප්‍රවීන්ට හිමිවිය.

රමේෂ් මෙන්ඩිස් ලකුණු 103ට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.මෙම ජයග්‍රහණයත් සමග තරඟ 2න් සමන්විත ටෙස්ට් තරඟාවලිය 1-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ට හැකියාව ලැබුණි.



Source link